කැරකෙන වේදිකාව ‍| Revolving Stage ‍| 2016

ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය ඉතිහාසයේ මුලින් ම කැරකෙන වේදිකාවක් අත්හදා බැලුවේ 1963 දයානන්ද ගුණවර්ධන් විසින් බක් මහ අකුණු නාට්‍ය සඳහාය. මහන්ද ඩයස් මහතා විසින් නිර්මාණය කරන ලද එම ප්‍රථම නිර්මාණය එවකට ඉතා උසස් තත්ත්වයෙන් ගලවාගෙන යා හැකි ලෙස සකස් කොට තිබිනි. සම්පූර්ණයෙන්ම ලී හා කැස්ටර් රෝද සවිකල එම වේදිකාව ප්‍රමාණයෙන් අඩි 18ක් පමණ විය.

2016 දී මෙම නව-නිශ්පාදනය සඳහා ද කැරකෙන වේදිකාවක් නිර්මාණය කරන ලද අතර එය බත්තරමුල්ල "සමීර ඉංජිනියරින්" විසින් මනා කොට නිර්මාණය කරන ලදී.

මාලඹේ අරංගල ප්‍රදේශයේ "සමීර ඉංජිනියරින්" වැඩපොලේදී සැකිල්ල ඉදිවෙමින්.

ප්‍රධාන රෝද 8න් එකක සමීප ඡායාරූපයක්. ඉහලින් ඇති ඇත්තේ වේදිකා ඇටවුම වන අතර පහළින් පීල්ල සවිකර ඇත.

කැරකෙන වේදිකාව සදහා වේදිකා තලයේ ගොඩනගන පීලි සහිත කොටස සැකසීම.

පීල්ල හා ආධාරක සහිත කොටස සකසා අවසන් කිරීම.

පීලි සහිත කොටස සකසා අවසන් කිරීමෙන් පසු වේදිකාව සෑදීමට මැද කැරකෙන රේසර් සවිකල ඇක්සල් ආධාරකය සවිකිරීම.

ප්‍රධාන වේදිකාව සවිවන මධ්‍ය ඇක්සල් මෙවලම.

ප්‍රධාන වේදිකාවේ යකඩ සැකිලි 8 මධ්‍ය ඇක්සලය හා සම්බන් කිරීම.

ප්‍රධාන වේදිකාවේ එක් එක් යකඩ සැකිල්ල කෙරවර සවිකර ඇති රේසර් සවි කල රෝද.

ප්‍රධාන වේදිකාවේ යකඩ සැකිල්ල හා බැඳි ආධාරක රාමු සවිකරීම.

යකඩ සැකිල්ල සවිකරීමෙන් පසුව එම වේදිකාව මතුපිට ලෑලි ඇතිරීම.

යකඩ සැකිල්ල සවිකරීමෙන් පසුව එම වේදිකාව මතුපිට ලෑලි ඇතිරීම.

ප්‍රධාන කැරකෙන වේදිකාව සවිකර අවසන් කරමින්.

වේදිකාව සැකසීමෙන් පසු වේදිකාව මත රංග අලංකරන සවි කිරීම.

වේදිකාව මත ප්‍රධාන රාමුව සකසා ඊට දොර සවි කිරීම.

සවිකරගත් යකඩ රාමු රංග අලංකරන යොදා සැකසීම. මෙහිදී වලව්ව ඇතුලත හා ළමාතැනීගේ කාමරය ලෙස වේදිකාවේ දෙපස සකස් කෙරේ.

රංගනය ඇරඹීමට සියල්ල සූදානමින්.

එත් පසක් වලව්ව ඇතුලත දර්ශනය

අනෙක් පස ලමාතැනී ගේ සයනාගාරය

සයනාගාරය මල්වත්ත බවට පත් කල පසු.