බක් මහ අකුණු - පෙරවදන 

 බක් මහ අකුණු ෆිගාරෝගේ විවාහය නැමති සුප්‍රසිද්ධ ප්‍රංශ නාට්‍යය ඇසුරෙන් ලියවුන සිංහල නාට්‍යයකි.   ෆියරෙ ඔගසිටින් කැරන් ඩි බොමාෂේ නැමති 18 වන ශත වර්ෂයේදී විසූ නාට්‍යකරුවෙකු විසින් රචිත මෙම නාටකය පසුව ලොරෙන්සෝ ද පොත්ටෙ නැමති ඉතාලි ජාතිකයා විසින් ගීයට නඟා මෝට්සාට් විසින් චමත්කාර ජනක ගීත නාට්‍යයක් බවට පත්කරන ලදී. වියනා නගරයේ දී 1786 මැයි 1 වෙනි දින ප්‍රථම වරට රඟ දැක් වූ ෆිගාරෝගේ විවාහය ගීත නාටකය ලොව වැඩිමනක් ම රඟ දැක්වූ ගීත නාටකය වෙයි.  මෙය ලෝකයේ බොහෝ භාෂා වලට පරිවර්තනය කොට ඇත.  

බොමාෂේගේ නාට්‍ය රදල වාදයට එල්ල කරන ලද දියුණු උපහාසයන්ය. එකල ප්‍රංශ විප්ලවයට පෙරාතු සමය විය.  රදල වාදයට එරෙහි ව සිටි සාමාන්‍ය ජනතාව ෆිගාරෝ නැමති චරිතයෙන් ඔහු මූර්තිමත් කළේය.  ෆිගාරෝ සම්බන්ධ කොට ගත් ඔහුගේ මුල් නාට්‍යය “සෙවිල් නගරයේ ඇට්ටැඹියා“(බාබර් ඔෆ් සෙවිල්) නම් විය. සෙවිල් නගරය ස්පාඤ්ඤයේ දකුණු පෙදෙසේ නගරයකි.  ෆිගාරෝ ජිප්සියෙකි.  තැනින්  තැන යමින් එක එක වැඩ පල කරමින් ජීවිකාව ගෙන යන ජිප්සීහු බොහෝ විට කපටින්ය.  බාබර් ඔෆ් සෙවිල් නාට්‍යයේ කථාව මෙසේය.  බාටෙලෝ නැමති නාකි දොස්තර කෙනෙක් තමා හා විවාහ කරගැනීමේ අටියෙන් රොසීනා නම් තරුණ කාන්තාවක් ගෙදර තබාගෙන රැකවරණ ලා ගෙන සිටී. ඇගේ ආවතේව කරන්නේ මාසලිනා නැමති දෙගොඩ හරියේ වියේ කතකි. මෑ  බාටෙලෝගේ අනියම් බිරිඳක් ද වේ.  මෑට බාටෙලෝට දාව සිටි දරුවෙක් ජිප්සීන් විසින් පැහැර ගෙන ගොස් ඇත. මේ අතර ඇල්මවීවා නැමති රදලයෙක් රොසිනා ලබා ගැනීමේ අටියෙන් සෙවිල් නගරයේ කැරකෙයි. ඔහු ෆිගාරෝ නැමති ඇට්ටැඹියා හමු වී මේ ගැන ආධාර පතයි.  අනතුරුව ඇලමවීවා යුද සෙබෙළෙකුගේ වෙස් ගෙන බාටෙලෝගේ නිවසේ නතර වී (යුද්ධ සෙබළුන්ට නිවෙස්වල බලහත්කාරයෙන් නතරවීමට ඉඩ තිබිණ) රොසිනා ද රැගෙන යයි.  

“මැරේජ් ඔෆ් ෆිගාරෝ“ එම නාට්‍යයේ දෙවන කොටස යි.  “බාබර් ඔෆ් සෙවිල්“ රොසිනි විසින් ජනප්‍රිය ගීත නාටකයක් බවට පත්කොට ඇත.) මෙහිදී ඇල්මවීවා  ෆිගාරෝට කෘත ගුණ සැලකීම වස් ඔහුට සිය මැදුරේ ප්‍රධාන මෙහෙකාර පදවිය දෙයි.  ෆිගාරෝ සූසානා නැමති රොසිනාගේ (ඇල්මවීවාගේ බිරිඳ) මෙහෙකාරිය සමග පෙම් බැඳ විවාහ ගිවිසගෙන සිටී.  

Dorit du Seigneur නැමති වරප්‍රසාදයකින් රදලවරුන්ට තමන් යටතේ සේවය කරන මෙහෙකාරියන් විවාහ වීමට පෙර එකට විසීමේ බලය තිබුනි. ප්‍රගතිශීලී බවක් පෙන්වන ඇල්මවීවා මෙම නින්දිත බලය කැමැත්තෙන් අත්හරී.නමුත් සූසානා කෙරෙහි ඔහු තුළ ඇති බලවත් ආශාව නිසා ඔහුට වෙනත් මගක් සෙවීමට සිදු වේ. නොයෙක් බොරු වැරදි ගෙන ෆිගාරෝගේ විවාහය කල් දමයි.  

මේ අතර ඇල්මවීවාට  තවත් වාසියක් මතුවේ.  ෆිගාරෝගෙන් පලිගැනීමට සිතා සිටින බාතලෝ දොස්තර මාසලිනා හා ෆිගාරෝ අතර ඇති ණය ගණුදෙනුවක් ගැන ඇල්මවීවාට පැමිණිලි කරයි.  මාසලිනාගේ ණයක් ගෙන ඇති ෆිගාරෝ එය ගෙවීමට බැරි  වුවහොත් ඈ කසාද බඳින බවට පොරොන්දුවක් දී ඇත.  මාසලිනාට ද උවමනා වී ඇත්තේ තරුණ ෆිගාරෝ ලබා ගැනීමට ය. ෆිගාරෝ පැරදවීමේ අටියෙන් ඇල්මවීවා නඩුව විභාග කර ඔහුට මාසලිනා  විවාහ කරගැනීමට තීන්දුව දෙයි.  නමුත්, සිදුවන්නේ අනෙකකි.  ෆිගාරෝගේ ඇඟිල්ලේ ඇති මුද්දක් දකින  මාසලිනා, ෆිගාරෝ වෙනකෙක් නොව කුඩා කාලයේදී ජිප්සීන් විසින් පැහැර ගෙන ගිය තම පුතා බව හඳුනා ගනී.  පරාජයට පත් බාටෙලෝට තවත් දෙයක් සිදු වෙයි.  එනම් වහා ම සිය අනියම් බිරිය වන මාසලිනාගේත් ඔහුගේත් විවාහය ලියා පදිංචි කිරීමට නියමවීම ය. 

ෆිගාරෝ සම්බන්ධ කොට ගෙන බොමාෂේ තවත් නාට්‍යයක් ලියූ නමුත් එය එතරම් ප්‍රසිද්ධ නොවීය.  ෆිගාරෝගේ විවාහය ප්‍රදර්ශනය කිරීම, මුලින්ම ප්‍රංශ එම්ප්‍රදෝරු රජ විසින් තහනම් කරන ලදී.  1784 අප්‍රේල් 27 වෙනි දින මෙය ප්‍රථම වරට රඟ දැක්වුණු අතර දේශපාලන වශයෙන් එය ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය.  ප්‍රංශ විප්ලවය සඳහා ජනයා කුපිත කරවීමට තරම් ශක්තියක් ද එහි තිබුන බැව් පවසනු ලැබේ. මෝට්සාට්ගේ ගීත නාටකයට ද ඉතාලි රජු විසින් තහනම් නීති පනවන ලදී.  ෆිගාරෝ නම කොතෙක් ජනප්‍රියද යත් “ලෙ ෆිගාරෝ“ නමින් සුප්‍රසිද් ප්‍රංශ පුවත් පතක් ද බිහිවී ඇත. 

“මැරේජ් ඔෆ් ෆිගාරෝ“ මා මුලින් දුටුවේ බුකාරෙස්ට් නගරයේ දී ය. රුමේනියානු සුහද සංගමයේ ආරාධනාවක් පරිදි කරජියාලේ “Jon Luca Caragiale“ නම් සුප්‍රකට රුමේනියන් නාට්‍ය කරුවාගේ සමරු උළෙලට සහභාගි වීමට මා 1962 දී එහි ගොස් සිටි දිනක බුකරෙස්ට් ඔපරා  ශාලාවේදී මෙය නැරඹුවෙමි.  ඒ දිනවල ඉතාලි ඔපරා කණ්ඩායමක් රුමේනියාවේ  සැරිසැරූ අතර ඔවුවට රුමේනියන් දස්කම් දැක්වීම වස් ෆිගාරෝ පෙන්වන ලදී. 

1962 මැයි 31 වෙනි දින පැවැත්වූ මෙම දර්ශනය අතිශයින් චමත්කාර ජනක විය.  රොසිනා මල්වත්තේ ගයන ගීතය මුලු ශාලාව ම ඔංචිල්ලාවක ලා නලවන ආකාරයෙන් අර්ටාපෙලාරෙස්තු නැමති සම්මාන ලත් නිළිය ගැයූ ආකාරය මට කෙදිනකවත් අමතක නො වේ. මා සිත තදින්ම බැඳගත් මේ නාටකය සිංහලට නැගීමට එදින ඉටාගත්තෙමි.  රුමේනියාවේ සිට මා ඊළඟට ගියේ චෙකොස්ලොවැකියාවට යි.  “බක්මහ අකුණු“ රචනය එවිට පටන් ගෙනය. සිංදු රචනා කරමින් ඒවා තමාටම කියාගනිමින් ප්‍රාග් නගරයේ පාරවල් දිගේ රාත්‍රියේ ඇවිදි අන්දම මට තවමත් මතක ය. විලේ දිලෙන ලප යන ගීය ප්‍රාග් වීදි වල නිර්මාණය වූවකි. 

ලංකාවට විත් රෙජී සිරිවර්ධන මහතා සහ ඔහුගේ බිරිඳ සුමනා සමග මුල් ප්‍රංශ කෘතිය කියවා නාට්‍ය සම්පූර්ණ කළෙමි. “බක්මහ අකුණු“ රචනයේදී මුල් නාටකයත් ඔපරාවත් යන දෙක ම සලකා පිළියෙල වී ඇත. 

මුල් කතාවෙන් බැහැරව ගිය තැන් බොහෝය.  Driot du Seigneur නම් රදල වරප්‍රසාදය බොමාෂේගේ නාට්‍ යේ වැදගත් තැනක් ගත්තද මෙහි ඒ ගැන සඳහන් නොවේ.  දොස්තර බාටෙලෝගේ චරිතය ඉවත් කොට ඇති අතර  මාසලිනා (කරුණාවතී) ෆිගාරෝගේ (ජාසොං) මව බව හෙළි නොවේ. ඈ සැලකෙන්නේ වලව්වේ කලින් සිටි මෙහෙකාරිය ලෙසටය.  දොන් බැසිලීයෝ (පෙරේරා) මුල් කෘතියේ සංගීත ගුරුවරයෙකි. එහි සූසානා (පබුලිනා)  ඇන්ටෝනියෝගේ (බයියප්පු) ලේලි කෙනෙකි. බොමාෂේගේ නාට්‍යය අවසානයෙහි ෆිගාරෝ හා සූසානා සිය මංගල්‍යයට සහභාගි වන ලෙස ප්‍රෙක්ෂකයින්ට ආරාධනා ද කරයි. 

1963 අප්‍රේල් 16 වෙනි අඟහරුවාදා හැව්ලොක් ටවුන් රඟහලේදී ප්‍රථම වරට “බක්මහ අකුණු“ රඟදක්වන ලද්දේ කැරකෙන වේදිකාවක් මතය.

දයානන්ද ගුණවර්ධන (01-03-1969)

On the tour aboard  in 1962 to Rumania Late dramatist Dayananda Gunawardena was impressed by mozart’s opera “Marriage of Figaro”. The original is a satirical comedy on a lecherous aristocrat. Dayananda Gunawardena turns the aristocrat in a “kastane-carrying Mudaliyar”, the head of a feudal household.


The Mudaliyar has designs on the virtue of Pabulina, the young and pretty maidservant of the Walauwe. The Mudaliyar makes advanced unashamedly.


Jason, Pabulina’s fiance and fellow-servant, threatens to unmask the Mudaliyar when Pabulina confesses to him that the Mudaliyar is running after her.


Living with them is Premadasa, a young boy-servant who is in love with love. He has a crush on the lady of the House, Lamathani.


The web of intrigue and counter-intrigue becomes thicker as the play goes on. Lamathani and Paulina set their feminine skill to devising a plan which will foil the Mudaliyar. Pabulina will pretend that she is ready to keep an assignation in the garden with the Mudaliyar, in return for his consent to the marriage.


Pabulina plays her part in a feigned love scene with the Mudaliyar.


On the evening of the wedding, Pabulina has agreed to have her rendezvous with the Mudaliyar. But it is not Pabulina who is going to keep the assignation but the Lamathani dressed in her maid-servant’s clothes.


Meanwhile, however, Jason has got wind of the meeting, and comes into the garden, determined to expose the Mudaliyar and his own bride whom he believes to be unfaithful.


In the final act the comedy of mistaken identity is finally resolved.


Bak Maha Akunu - Mozart in Sinhalese (1963/June/18) The Ceylon Observer